ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ශ්‍රී නගර් අගනුවර යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය නගරයක් යුනෙස්කෝ ලෝක උරුම නගරයක් බවට ප්‍රකාශයට පත්වූ සිව්වැනි නගරය බවත්, මීට පෙර ජායිපූර්, මල්පූරම් සහ මයිසූර් යුනෙස්කෝ ලෝක උරුම නගරයක් බවට පත් වූ බව ද වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මසදී යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම නගර සම්බන්ධ ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවේ නිලධාරීන් ශ්‍රී නගර් නුවර සංචාරයක නිරත වූ බවත්, එය ලෝක උරුම නගරයක් ලෙස පිළිගනු ලැබුවේ එම සංචාරයෙන් පසු අදාළ කමිටුව විසින් භාර දෙනු ලැබූ වාර්තාවකට අනුව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

බෙදුම්වාදී කැරලි සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් බහුලව සිදුවන ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ අගනුවර යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස පිළිගනු ලැබුවේ ඉන්දීය රජය විසින් එම ප්‍රාන්තයේ සිදු කරන අඛණ්ඩ සංවර්ධනය සැලකිල්ලට ගනිමින් වන අතර, මේ වන විට එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ තරුණියන්ට ස්වයං රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන්මාලාවක් ද ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.