මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය කැඳවීමට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.
කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ අද දින මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය හිමිවන බවයි.

නමුත් ප්‍රායෝගික තත්වයන් මත හෙට දිනයේම ජනාධිපතිවරණය කැදවීම නිවේදනය කල නොහැකි බවද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කිරීමෙන් දින විසි එකක් ඉක්ම යාමට පෙර ඡන්ද විමසීමට නාම යෝජනා භාර ගන්නා බවත් නාම යෝජනා භාරගත් දිනයේ සිට සති හතරත් හයත් අතර කාලය තුල ජනාධිපතිවරණය පවත්වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Share.

Comments are closed.