GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මෙහිදි I3 CUBE ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අඩුපාඩුව වන බොහෝ ලංගම බස් රථවල GPS උපකරණ සවි කර නොතිබීම සහ නිම්බස් ආයතනය මගින් බස්නාහිර පලාත් සභාවට හඳුන්වා දී ඇති මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියේ කඩවත කේන්ද්‍ර කරගත් මාර්ග 12ක බස් රථ 135ක් යොදොගෙන සිදුකරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථවය ක්‍රියාත්මක වීමත් සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය ද යොමුව ඇත.

බලශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නාලක බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 දා පාර්ලිමේන්තුවේදි රැස් වූ අවස්ථාවේදී මේ පිලිබඳ සාකච්ඡා විය.

මෙහිදි I3 CUBE ආයතනය පෙන්වා දී ඇත්තේ ඔවුන් හඳුන්වාදුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දත්ත ලංගම බස් රථ වලින් නොලැබෙන බවයි. ඒ අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට එක් මාර්ගයක් සඳහා අවම වශයෙන් පවතින ප්‍රමාණයෙන් 70%ක ප්‍රමාණවත් දත්ත අවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන් ය.

මෙහිදි නිම්බස් ආයතනය පෙන්වා දී ඇත්තේ ඔවුන් සකස් කරන ලද පද්ධතිය මේ වන විට කඩවත කේන්ද්‍ර කර ගෙන පවතින මාර්ග 12ක ධාවනය වන බස් රථ 135ක් සඳහා සාර්ථකවය ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අනුව මෙම තාක්ෂණික ක්‍රම දෙක පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව කාරක සභාව පෙන්වා දී ඇත්තේ ක්‍රමමෝපායන් දෙකම ඉතා සාර්ථක නමුත් ක්‍රියාත්මක කිරීමේ ගැටළු පවතින බවයි.

ඒ අනුව මේ පිළිබඳව අවශ්‍ය තීරණ ගැනීම සඳහා සති 3ක් දැතුළත මෙම කාරක සභාව නැවත රැස්වීමට තීරණය කර ඇත.

Share.

Comments are closed.