මයික්‍රෝසොෆ්ට් සමාගමේ වින්ඩොස් 10 ඇතුළත් පරිගණකවල ආරක්ෂණ පද්ධතියේ ඇති වූ දෝෂය තවමත් සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නැත. 

මේ හේතුවෙන් ඇතැම් රටවල පරිගණක ආශ්‍රිත සේවා තවදුරටත් අඩාලවී ඇති බව වාර්තා වේ.

ෆැල්කන් මෘදුකාංගය නිෂ්පාදනය කරන අමෙරිකාවේ ක්රවුඩ් ස්ට්‍රයික් සමාගම සිය යාවත්කාලීන කිරීමේ දෝෂයක් හේතුවෙන් මෙය සිදු වූ බවට පිළිගත්හ. 

එම කාලය තුළ ගුවන්තොටුපොළවලට, ගුවන් ගමන්වලට, බැංකු සේවාවලට, සුපිරි වෙළද සංකීර්ණවලට, දුම්ර්රිය සේවාවලට මෙන්ම පරිගණක ආශ්‍රිත තවත් බොහෝ සේවා රැසකට බලපෑම් ඇති කළේ ය. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු තවත් සමාගම් කිහිපයකට ද මින් බලපෑම් එල්ල වූ අතර මේ අතර මෙම හදිසි බිඳ වැටීමෙන් ශ්‍රී ලංකාවේ පද්ධති සඳහා බලපෑමක් වී ඇත්ද යන්න සෙයා බැලීමට රජයේ ආයතන 40 කින් වාර්තාවක් කැඳවා ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 

මයික්‍රොසොෆ්ට් ආයතනයේ Windows පරිගණක බිඳ වැටීමෙන් පසු ලොව පුරා ව්‍යාපාර සහ සේවා සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

CROWD STRIKE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කළේ, මේ සඳහා විසඳුමක් ලබැ දී අති නමුත් සියලු පද්ධති නැවත ක්‍රියාත්මක වීමට යම් කාලයක් ගත විය හැකි බවයි. 

මෙම ගැටලුව හේතුවෙන් ලොව ව්‍යාපාර, බැංකු, රෝහල් සහ ගුවන් සේවා කටයුතුවලට බාධා එල්ල වූ අතර ලෙවපුරා ගුවන්ගමන් 4,000 ක් අවලංගු කර තිබුණි.

Share.

Comments are closed.