කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විමල් කණ්ඩම්බි මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කරන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ලැබී ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වරායේ ඇතැම් ගොඩනැගිලි ඉවත් කිරීමට සිදුවිය. ඒ හේතුවෙන් තට්ටු 17 ගොඩනැගිල්ලක් මේ වනවිට ඉදිකරමින් පවතියි.

එමගින් වරායේ විවිධ ස්ථාන වල තිබූ විවිධ අංශ එකම ස්ථානයකට ගෙන ඒමට හැකියාව ලැබී තිබේ. මාර්ග ව්‍යාපෘතිය අවසන් වනවිට එම ගොඩනැගිල්ල ද ඉදිකර අවසන් කරන බව ඒ මහතා පැවසීය.

ඉඟුරුකඩේ පිවිසුමෙන් ආරම්භ වන මෙම වරාය පිවිසුම් ගුවන් මාර්ගය ගාලු මුවදොර පිවිසුමෙන් අවසන් වේ. එහි දිග කිලෝමීටර් 05.03කි. මංතීරු 04කින් සමන්විත මෙම මාර්ගය හරහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අඩු වන බව වැඩිදුරටත් දැක්වේ.

Share.

Comments are closed.