ගත වූ වසර 10ක කාලය තුළ ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් අතරින් දියවැඩියා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතා කිය සිටියේය. නාගරික ප්‍රදේශ තුළ ජීවත් වන පුද්ගලයන්ගෙන් 20% ක් පමණ දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බවත්, පුද්ගලයාගේ උසට සරිලන බර පවත්වාගෙන යෑමෙන් දියවැඩියාව රෝගයට ගොදුරු නොවී සිටිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සැම අයකුම දියවැඩියාවට ගොදුරු නොවී ජීවත් වීමට කටයුතු කළ යුතු බවත්, පුද්ගලයකුගේ නීරෝගි භාවයට අවම වශයෙන් පැය භාගයක හෝ ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය බවත් පැවසූ ඒ මහතා අධික සීනි සහිත ආහාර පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් පුද්ගලයන් දියවැඩියාව රෝගයට ගොදුරු වන අතර, කිසියම් අයකුට දියවැඩියාව පවතින්නේ නම් අක්ෂි ඇතුළු සිරුරේ පවතින සෙසු අවයවවලටද හානි කරන බවද පැවසීය.
පවුලේ සාමාජිකයකු දියවැඩියාවට ගොදුරු වී සිටින්නේ නම් පවුලේ සෙසු සාමාජිකයන් අතර ද දියවැඩියා රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.