අමෙරිකානු ජනපතිවරණ ඉතිහාසයේ වයස්ගතම ජනපති අපේක්ෂකයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්ව ඇත. ඒ තම පාක්ෂිකයන් වෙතින්ම එල්ල වූ පීඩනය හමුවේ වත්මන් ජනපති ජෝ බයිඩ්න් ජනපති සටනින් ඉවත් වීමත් සමගය.

81 හැවිරිදි ජෝ බයිඩ්න්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලමින් ඔහුට නිසි අභියෝගයක් විය නොහැකි බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් චෝදනා කර තිබේ.

එම නිසා ඔහු තම උප ජනපතිනිය ලෙස කටයුතු කළ කමලා හැරිස් ට ජනපති යෂ්ටිය ලබා දී ඇත.
ඉන්දියානු සම්භවයක් සහිත 59 හැවිරිදි කමලා හැරිස් මේ වන විට ජනපති සටනට අවතීර්ණ වී ඇති අතර, ඩිමොක්‍රටික් නාමයෝජනා ලබා ගැනීමට හා ජයග්‍රහණය කිරීමටයි පොරොන්දු වී තිබේ.

ඒ අනුව 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපති ධූරය සඳහා තරගවදින වයස්ගතම පුද්ගලයා බවට පත් වෙයි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වූවත් ඔහුගේ ධූර කාලය අවසන් මාස හය සඳහා රැඳී සිටින බව ද වැඩිදුරටත් සඳහන්‍ ය.

Share.

Comments are closed.