නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන් වේ.

අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කර ඇත. ගුවන් යානයේ සිටි අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසක් බව සඳහන්ය.

මෙම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මියගොස් ඇති බවත් ගුවන් නියමුවා පමණක් බේරී ඇති බවත් වාර්තා විය. මේ වනවිට ඔහු රෝහල්ගත කර ඇත.

Share.

Comments are closed.