සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත සුන්දරම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු අද (24) රාත්‍රී අහසෙන් අතුරුදන් වනු ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව සෙනසුරු සඳට මුවා වන බැවිනි. මෙය එක්තරා ආකාරය ‘සෙනසුරු ග්‍රහණයක්‘ ලෙස සැලකේ. මෙම සංසිද්ධිය ඉතාමත් විරල බව තාරකා විද්‍යාඥයා් පැහැදිලි කරති.

මධ්‍යම රාත්‍රිය පසුවී, මිනිත්තු 50 ක් යන විට මෙම සංසිද්ධිය ආරම්භ වනු ඇති බවත්, අලුයම 2.10 තෙක් මෙය ශ්‍රී ලංකාවට දැක ගැනීමට හැකිවනු ඇති බවත් ආතර් සී ක්ලාක් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. චන්ද්‍රයාට මුවා වන සෙනසුරු ග්‍රහලෝකය යළි දිස් වන්නේ අලුයම 2.20 ටය.

මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ ස්ථානයෙන් ස්ථානයට මිනිත්තු කිහිපයකින් වෙනස් වන අතර නිශ්චිත වේලාවන් ACCIMT වෙබ් අඩවියේ දක්වා ඇත. මෙම සිදුවීම නිවසේ සිට පියෙවි ඇසින් හෝ දෙනෙතියක් භාවිතයෙන් නිරීක්ෂණය කළ හැකි වුවද, විශිෂ්ට දසුනක් සඳහා අද ප.ව. 11.00 සිට හෙට අලුයම 3.00 දක්වා මහජනතාවට ආතර් සී ක්ලාක් ආයතනයට පැමිණ සෙනසුරු, සඳු සහ අනෙකුත් ආකාශ වස්තූන් සහ මෙම සිදුවීම නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා ඇත. කෙසේ වෙතත්, අහස නොපැහැදිලි නම් සහ වලාකුළුවලින් වැසී ඇත්නම් නොපැමිණෙන ලෙසද මහාචාර්ය ජයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Share.

Comments are closed.