ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර ඇත. ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් අනුවය.

දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස ඇලවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (25) දින සිට ලබාගත හැකියි.
පහත සඳහන් භාණ්ඩවල මිල පහත දැමෙනු ඇත.
ඒ අනුව කිරිපිටි 400g පැකට්ටුවක පැවති මිල රුපියල් 950ක් වු අතර නව මිල රුපියල් 910 කි.

මුං ඇට කිලෝවක පැවති මිල රුපියල් 998ක් වූ අතර නව මිල රුපියල් 965 යි.
හාල්මැස්සන් කිලෝවක පැවති මිල රුපියල් 978 වූ අතර නවමිල රුපියල් 950 ක් වේ.

ඉන්දියානු ලොකු ලුණු කිලෝවක පැවති මිල රුපියල් 305ක් වූ අතර නව මිල රුපියල් 285ක්ය.

එසේම, කඩල කිලෝවක පැවති මිල රුපියල් 455ක වූ අතර නව මිල රුපියල් 444 කි.
පාන් පිටි කි‍ලෝවක පැවති මිල රුපියල් 190 ක් වූ අතර නව මිල රුපියල් 185 ක් ලෙස දැක්විණි.

සුදු සීනි කිලෝවක පැවති මිල රුපියල් 263ක් වූ අතර නව මිල රුපියල් 258 ක් වේ.

සුදු කැකුළු සහල් කිලෝවක පැවති මිල රුපියල් 204 ක් වූ අතර නවමිල රුපියල්199ක් වන අතර
පාකිස්ථාන ලොකු ලුණු කිලෝවක මිල රුපියල 190ක් වූ අතර නව මිල රුපියල් 185ක් ලෙස සඳහන් විය.

Share.

Comments are closed.