මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට ලකුණු ක්‍රමයක් හඳුන්වාදීම ඉදිරි මාස තුන ඇතුළත ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ක්‍රමය මගින් උපරිම ලකුණු විසි හතරක් රියදුරන් සඳහා ලබා දීමට නියමිත අතර උපරිම ලකුණු රැස් කරන රියදුරන් සඳහා රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අවලංගු කරනු ලබයි.

අනතුරුව යළි රියදුරු පුහුණුව සම්පූර්ණ කර විභාග සමත්ව නව බලපත්‍රයක් ලබා ගැනීමේ ක‍්‍රමයක් සකසන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර සමාගම් නවයක් අයදුම් කර තිබේ. එම ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මේ වන විටත් ඇගයීම් ක්‍රියාවලිය සිදුවෙමින් පවතී.

Share.

Comments are closed.