ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛයක් මැතිවරණ කොමිසම විසින් නිලධාරීන් වෙත යොමු කර ඇත.

සියලු රාජ්‍ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බව එහි සඳහන් ය.

ජනාධිපතිවරණයේදී ආයතනික කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලබන මාසයේ සිට ජනාධිපතිවරණයට අදාළ බාහිර පාර්ශ්ව ද මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

තවද ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Share.

Comments are closed.