Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රජයේ සුබ සාධන වැඩ නවත්වන්න බෑ – ජනාධිපති ලේකම් කියයි
Sri Lankan news

රජයේ සුබ සාධන වැඩ නවත්වන්න බෑ – ජනාධිපති ලේකම් කියයි

kumudikaBy kumudikaJuly 30, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන සහ සුබසාධන වැඩසටහන් අනීතික ක්‍රියා නොවන හෙයින් එම වැඩසටහන් නවත්වන ලෙස රාජ්‍ය නිලධාරීන් වෙත ලිඛිත නියෝග සහ උපදෙස් නිකුත් කිරීමට හැකියාවක් තමාට නැතැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වෙත දන්වා යවා ඇත. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දය නුදුරේදීම පැවැත්වෙන බැවින් රට තුළ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් මඟින් පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධනයන් සිදු වන බවට බොහෝ පාර්ශ්වයන් වෙතින් පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ කොමිසම් සභාව නිකුත් කර ඇති විධාන කඩකරමින් සිදු කරනු ලබන එම අනීතික ක්‍රියා නතර කරන ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති රත්නායක මහතා ජනාධිපති ලේකම්වරයාට එවා තිබූ ලිපියට යැවූ පිළිතුරු ලිපියේ මේ බව සඳහන් වේ.

මීට වර්ෂ දෙකකට පෙර මෙරට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව තිබූ අතර ජනතාවගේ මූලික අවශ්‍යතා හෝ සපුරාලීමට රජයට හැකියාවක් නොපැවැතුණු පසුබිමක මැතිවරණ පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට හෝ හැකියාවක් නොතිබූ බව ජනාධිපති ලේකම්වරයා එම ලිපියෙන් සිහිපත් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසා මේ වන විට ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති නමුත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව සෑම ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකුගෙන් එක් පුද්ගලයකු බහුමානීය දරිද්‍රතාවයෙන් පීඩා විඳින අතර ඔවුන් සම්පූර්ණ ආර්ථික ප්‍රකෘති තත්ත්වයකට පත්කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ ආදායම් ඉලක්ක සපුරා ගනිමින් සංවර්ධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඒකනායක මහතා පෙන්වා දෙයි. එම වැඩපිළිවෙළට යම් බාධාවක් සිදු වුවහොත් රටේ ආර්ථිකය නැවතත් කඩා වැටී දැඩි ආර්ථික අර්බුදයකට රට ගමන් කිරීම නොවැළැක්විය හැකි වනු ඇති බව අවධාරණය කරන ජනාධිපති ලේකම්වරයා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන වැඩසටහන් හා සුබසාධන වැඩසටහන් ඉහත වැඩසටහනේ ප්‍රධාන අංගයක් වන අතර ඒවා නවතා දමා මෙතෙක් දැඩි ආර්ථික අර්බුදයෙන් මිරිකී ජීවත් වූ අඩු ආදායම්ලාභී ජනතාව තව තවත් දුක්ඛිත තත්ත්වයකට පත් කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බවත් සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ලිපියේ දක්වා ඇත්තේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන හා සුබසාධන වැඩසටහන් අනීතික ක්‍රියා ලෙස බවයි. නමුත් තමාට එම කටයුතු අනීතික ලෙස සැලකීමට හැකියාවක් නොමැති බැවින් ඉල්ලා ඇති පරිදි එම සංවර්ධන සහ සුබසාධන වැඩසටහන් නැවැත්වීමට රාජ්‍ය නිලධාරීන් වෙත ලිඛිතව නියෝග සහ උපදෙස් ලබා දීමට තමාට හැකියාවක් නොමැති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කර තිබේ.

මැතිවරණ කොමිසම් සභාව විසින් ජනාධිපතිවරණ සමය තුළ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් වෙත උපමාන නිකුත් කිරීමේ දී රටේ ආර්ථිකය සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ(4අ)(අ) සහ 104ආ(4අ)(ආ) ව්‍යවස්ථාවන්ට නිසි පරිදි අවධානය යොමු කරමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් මැතිවරණ කොමිසම් සභාව වෙත ලැබෙන පැමිණිලි පිළිබඳ කටයුතු කිරීමේ දී අදාළ සියලු පාර්ශ්වයන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවකාශය ලබා දීම සුදුසු යැයි යෝජනා කරන බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිය ලිපියේ දක්වා ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව Salik ගාස්තු උල්ලංඝන නියමයන් යටතේ නීති කඩ කරන රියදුරන්ට වාර්ෂිකව උපරිම Dh10,000 දඩයක්
Next Article කොළඹ වරාය, ලෝකයේ හොඳම වර්ධක වරාය වෙයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.