ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල ඔලිම්පික් ගෝලීය ක්‍රීඩා ඉසව්වට සමගාමීව පළමු DXB ක්‍රීඩා මාලාව දියත් කර තිබේ. ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ මෙම ගිම්හානයේදී සංචාරකයින් වෙත ගෝලීය ක්‍රීඩා අත්දැකීම් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ලොව විශාලතම ක්‍රීඩා ඉසව්වක් වන පැරිස් ඔලිම්පික් උළෙල පැවැත්වෙන බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ රසිකයින් බොහෝ දෙනෙක් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ  හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් තොටුපළ සිය පළමු DXB ක්‍රීඩා උළෙල දියත් කර ඇතැයි සඳහන්.

ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් වන මෙහි ක්‍රීඩාශීලිත්වය සහ සංස්කෘතික විවිධත්වය සැමරීමක් බවට පත් කරමින්, ගුවන් තොටුපළ Terminal 3 හි Family Zone විචිත්‍රවත් ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය කර ඇත. ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා, සංචාරකයින්ට පාපැදි  ධාවනය, පාපන්දු සහ පැසිපන්දු වැනි ක්‍රීඩා ක්‍රියාකාරකම්වලට සහභාගී විය හැකියි.  තරඟකරුවන්ට වැඩි දිරිගැන්වීමක් එක් කරමින් ආකර්ෂණීය මුදල් වවුචර සමඟ ලෝකඩ, රිදී සහ රන් පදක්කම් පිරි නැමීමටද ගුවන් තොටුපළ සූදානම් බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.