2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇති අතර එය ජුනි මාසයේ 1.7% ක් ලෙස වාර්තා විය.

2024 ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජුනි මාසයේදී වාර්තා වුයේ 1.4% ක් ලෙසය.

එමෙන්ම, 2024 ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.8% ක් දක්වා වැඩිවී ඇති අතර එය 2024 ජුනි මාසයේදී 1.8% ක් ලෙස වාර්තා වී තිබේ.

Share.

Comments are closed.