නොවැම්බර් වන විට ඩුබායි මාර්ගවල නව salik toll ගේට්ටු දෙකක් විවෘත කිරීමට සැලසුම් කර තිබේ. මෙම නව ද්වාර දෙක මඟින් 8 දක්වා පැවති ගේට්ටු සංඛ්‍යාව 10 දක්වා ඉහල යයි.

ඩුබායි හි නව Salik මාර්ග වන්නේ අල් ඛයිල් පාරේ Bisnuess bay හරස් මාර්ගය වන අතර අල් සෆා දකුණේ අල් මයිඩාන් වීදිය සහ උම් අල් ෂෙයිෆ් වීදිය අතර ෂෙයික් සයීඩ් පාරේ ගේට්ටුව දෙවැන්න වේ.

Business Bay Crossing ගේට්ටුව Al Khail පාරේ රථවාහන තදබදය සියයට 12 සිට 15 දක්වා අඩු කිරීමටත්, Al Rabat වීදියේ වාහන තදබදය සියයට 10 සිට 16 දක්වා අඩු කිරීමටත්, Al Maktoum සහ Al Garhoud පාලම් සහ Ras Al Khor වෙත ගමනාගමනය යළි හරවා යැවීමටත් සකසා ඇත.

මේ අතර, Al Safa South හි අරමුණ වන්නේ Sheikh Zayed Road සිට Meydan Street දක්වා දකුණට හැරෙන ගමනාගමනය සියයට 15 කින් අඩු කිරීම සහ Financial Center, First Al Khail සහ Al Asayel වීදිවල රථවාහන ප්‍රවාහය විධිමත් කිරීමයි.

Share.

Comments are closed.