ඇල්ල ආරුක්කු නවය පාලම ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක කළමනාකරණ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම සංස්කෘතික අරමුදල අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුනේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

 ලංකාව තුළ ප්‍රථම වරට ජාතික උරුම ස්ථානයක් ආශ්‍රිතව ගිලන් රථ සේවයක් මෙහිදී ආරම්භ කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්‍රිතවද සංචාරක කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක කේන්ද්‍රස්ථාන මෙවැනි ව්‍යාපෘති මඟින් සංවර්ධනය කර සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට කටයුතු කිරීම පිළිබඳව සිය ස්තූතිය පළ කරන බවයි.

Share.

Comments are closed.