ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදී හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

පසුගිය මැතිවරණවලදීද එවැනි ශූන්‍ය කිරීම් සිදු කළ බව ඔහු සඳහන් කළේය. තවද මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් වසර පහෙන් පහට වෙනස් කිරීම වැදගත් බව කොමිසම සඳහන් කරයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

පසුගිය කාලයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සුලභව පැවතුණු ප්‍රදේශවලට ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩි ආරක්ෂක විධිවිධාන සැලසීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදුවුණු ප්‍රදේශ විස්සක් පමණ හඳුනාගෙන ඇතැයි කොමිසම සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණයට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

Share.

Comments are closed.