හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග මැද පෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වුවහොත් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලය බිද වැටිය හැකි බව දේශපාලන විශ්ලේෂකයින් කියා සිටියි.

ඒ අනුව එම තත්ත්වය තුල ශ්‍රී ලංකාවට ද දැඩි බලපෑම් එල්ලවනු ඇති බව මොහාන් සමරනායක මහතා පැවසීය.

ඉන්ධන ඇතුළු අනෙකුත් භාණ්ඩ හා සේවා සැපයුම් දාමයට බලපෑම් ඇතිවීම හරහා සෑම ක්ෂේත්‍රයකම බිද වැටීම් සිදුවිය හැකිය. කොරෝනා වසංගත සමයේ ඇතිවූයේ එවැනි තත්වයකි.

ගැටුම් උත්සන්න වුවහොත් අපනයන කටයුතු සඳහාද දැඩි බලපෑම් ඇතිවිය හැක. එපමණක් නොව මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට අනර්ථකාරි තත්වයක් උදා වන බව වැඩිදුරටත් පැවසේ.

Share.

Comments are closed.