පසුගිය ජූලි මස 11 වැනිදා නිකුත් කර ඇති ෆෝබ්ස් නවතම ලැයිස්තුවට අනුව එම වර්ගීකරණය සිදු කර ඇති අතර, එහි පළමු තැන වෙනිසියුලාවේ
කරකස් නුවරට හිමි වී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුවට අනුව පාකිස්තානයේ කරච්චි නුවර විදේශිකයන්ට අවදානමක් ඇති ලොව දෙවැනි නගරය බවට පත් වී ඇතැයි ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.
ඒ අනුව කර්කස් නගරයේ සංචාරය කිරීමේ අවදානම 100%ක් බවත්, කරච්චි නුවර සංචාරය කිරීමේ අවදානම 93.12%ක් බවත් එම ලැයිස්තුවෙන් පෙන්වා දී ඇති අතර, තුන්වැනි තැනට පත්ව ඇති මියන්මාරයේ යැංගුන් නුවර සංචාරකයන්ගේ අවදානම් තත්ත්වය 91.67% ක් බව ද සඳහන් වේ.
අපරාධ, ප්රචණ්ඩත්වය, ත්‍රස්තවාදී තර්ජන, ස්වභාවික ව්‍යයසන, ආර්ථික අස්ථාවරත්වය වැනි අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හා පෞද්ගලික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුව සකස් වී ඇතැයි ද සඳහන් ය.