පොලීසිය සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් හේතුවෙන් ඊයේ දිනයේ පමණක් බංග්ලාදේශයේ පුද්ගලයින් 90 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් සිවිල් සංවිධාන ව්‍යාපාරයක් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බව සඳහන් වේ.

සිරජ්ගන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට ජනතාව විශාල සංඛ්‍යාවක් පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු මිය ගිය බව පොලිසිය පවසයි.

පසුගිය මාසයේ සිවිල් සේවා රැකියා සඳහා කෝටාව අහෝසි කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වූ නමුත් මේ වන විට පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට එය පත්ව ඇති බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් ය.

Share.

Comments are closed.