ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කර ඇත.

ඒ සඳහා බඳවාගැනීමේ පූර්ව පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව ෂටරින් කාපෙන්ටර්, ටයිල් අතුරන්නන්, කම්බි බඳින්නන් සහ කපරාදුකරුවන්ට මේ සඳහා අවස්ථාව හිමිවනු ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවන්ට අදාළ පළපුරුද්ද සහිත වයස අවුරුදු 25-44ත් අතර පිරිමි ශ්‍රමිකයින්ට මෙම පරීක්ෂණයන් සඳහා සෘජුවම පෙනී සිටීමට අවස්ථාව හිමි වේ.

මෙම රැකියාවන්ට අදාළ පූර්ව පරීක්ෂණ අගෝස්තු මස 13 වෙනිදා දක්වා පෙරවරු 8.00 සිට මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

පූර්ව පරීක්ෂණ සඳහා පෙනී සිටීමට රු.6000.00 ක මුදලක් අයකරන අතර, අයදුම්කරුවන් තමන් යොමුවීමට බලාපොරොත්තු වන රැකියාවට අවශ්‍යවන මෙවලම් හා උපකරණ මෙන්ම විදේශ ගමන් බලපත්‍රයද රැගෙන පැමිණිය යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Share.

Comments are closed.