ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

අද පෙරවරුවේ බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති උත්සවයකදී මෙම නම් කිරීම සිදු කර ඇත.මෙම අවස්ථාවට පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු ද සහභාගී වී ඇතැයි වාර්තා වේ.

Share.

Comments are closed.