රට පුරා රජයේ රෝහලවල ඖෂධ වර්ග 52  හිඟයක් පවතින බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ එම ඖෂධ ඇනවුම් තොග ලැබෙමින් පවතින බවත් හිග ඖෂධ වලට ආදේශක ඖෂධ සතුව පවතින බවයි.

කෙසේ වුවද ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
වෛද්‍ය සංශෝධන පනත් ගැටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Share.

Comments are closed.