බංග්ලාදේශයේ අන්තර් වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරටට පැමිණ තිබේ.
ඔහු බංගලාදේශයට පැමිණීමෙන් පසු පවසා ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි. ප්‍රංශයේ සිට පැමිණි 84 හැවිරිදි යූනුස්, බංග්ලාදේශයේ අන්තර් වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දීමට නියමිතය.
බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී රටින් පළා ගිය අතර ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.