ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හෙටින් (14) අවසන් වේ. හෙට දහවල් 12න් පසුව අවසන් වන බව, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පුද්ගලයින් 32 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇත.
ඉන් 17 දෙනෙකු පිළිගත් සහ වෙනත් දේශපාලන පක්ෂ නියෝජිතයන් බව සඳහන්ය.

ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවත්, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය දැක් වේ.

ඊයේ (12) දින පස් දෙනෙකු ඇප මුදල් තැන්පත් කලහ. ඒ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ උතුරු – නැගෙනහිර පක්ෂ විසින් යෝජනා කළ දෙමළ පොදු අපේක්ෂක පී. අරියනෙන්ද්‍රන් යන මහත්වරුන් ඇප තැන්පත් කිරීමටයි කටයුතු කර තිබුණි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා අනිද්දා පෙරවරු 9.00ට නාමයෝජනා භාරගැනීම ආරම්භ වේ.
එම කටයුතු පෙරවරු 11 දක්වා සිදු කෙරෙන බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන්‌ කළේය.

එම කාලය තුළ මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක වෙනු ඇත.

Share.

Comments are closed.