ගෝලීය සෞඛ්‍ය පිළිබඳ බාර්සිලෝනා ආයතනයේ (ISGlobal) නවතම වාර්තාවකට අනුව, 2023 දී උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ 47,000 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ.

යුරෝපා කලාපයේ දකුණේ පිහිටි රටවල් උෂ්ණත්වය වැඩි වීම නිසා දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව එහි සඳහන්ය.

පසුගිය වසර වාර්තාගත ලෙස ලොව උණුසුම්ම වසරවන අතර, දේශගුණික විපර්යාස නිසා තවදුරටත් දිගින් දිගටම උෂ්ණත්වය මේ ආකාරයට ඉහළ යන බව සඳහන් වේ.

යුරෝපීයයන් ජීවත් වන්නේ ලෝකයේ වේගයෙන්ම උණුසුම් වන මහාද්වීපයේ බැවින් දැඩි තාපය හේතුවෙන් වර්ධනය වන සෞඛ්‍ය අවදානම්වලට ඔවුන් නිරාවරණය වන බව සඳහන්ය.

පර්යේෂකයන් යුරෝපීය රටවල් 35 ක මරණ සහ උෂ්ණත්ව වාර්තා භාවිතා කර ඇති අතර 47,690 ක් දෙනා අධික උෂ්ණත්වයට සම්බන්ධ හේතු නිසා මිය ගොස් ඇත.

ග්‍රීසිය , බල්ගේරියාව, ඉතාලිය සහ ස්පාඤ්ඤය තාපය සම්බන්ධ වැඩිම මරණ අනුපාතය සහිත රටවල් වේ.

Share.

Comments are closed.