සීමාසහිත Starlink Lanka පුද්ගලික සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

ඊයේ (12) සිට බලපැවැත්වෙන පරිදි අදාළ බලපත්‍ර හිමිකම ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ටාර්ලින්ක් ජාල හිමිකරු ඊලොන් මස්ක් මහතා අතර පසුගියදා මේ සම්බන්ධයෙන් සාකච්ඡා ද පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අනුමැතිය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Share.

Comments are closed.