මැතිවරණ කාලසීමාව තුල පොලිතින් භාවිතය අවම කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සහ දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

පොලිතින් සහ ඒ ආශ්‍රිත සැරසිලි තහනම් කරමින් ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් කර තිබේ.
එවැනි තත්වයක් තුල ඊට එරෙහිව කටයුතු කරන දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

Share.

Comments are closed.