මැතිවරණ නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් තමන්ට ඉදිරි කාලයේදී මාධ්‍ය ප්‍රකාශ නිකුත් කල නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකින් අනතුරුව ආරම්භ කරන බවත් මැතිවරණ නීතිය අනුව මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට තමාට තහනම් බවත් ඇය කියා සිටියාය.

මෙවර නිල ඡන්ද පත‍්‍රිකාවේ දිග අවසන් ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවට වඩා අගලකින් වැඩිවන බවද ඇය සඳහන් කලාය.

ඡන්ද පත‍්‍රිකා මුද්‍රණයට කාර්ය මණ්ඩලයේ සිටින 1200ක පමණ පිරිසම යොදා ගනු ලබන බවද ඇය තවදුරටත් දැන්වීය.

Share.

Comments are closed.