ගාසා හි ‘එන්නත් නොකළ මාස 10 ක් වයසැති බිළිඳෙකුගෙන්’ පළමු පෝලියෝ සිද්ධිය වාර්තා වූ බව පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් නිවේදනය කර ඇත.

ඊශ්‍රායල – හමාස් යුද්ධය හමුවේ වසර ගණනාවකට පසු හමුවූ පළමු පෝලියෝ රෝගියා මෙම බිළිඳා බව සඳහන් වේ.
බිළිඳාගේ රෝග ලක්ෂණ හඳුනාගැනීමෙන් පසුව ජෝර්දානයේ අගනුවර වන අම්මාන් හි කළ පරීක්ෂණවලින් නිගමනය කර ඇත්තේ අදාළ තත්ත්වය පෝලියෝ වන බවයි.

පෝලියෝ යනු මාරාන්තික තත්ත්වයක් වන අතර රෝගය බොහෝ විට වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට බලපානු ලැබේ. පෝලියෝ ව්‍යාප්තිය නතර කර නොමැති රටවල් වන්නේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානයයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, පලස්තීන ළමුන් 640,000 කට පෝලියෝ රෝගයට එරෙහිව එන්නත් කිරීම සඳහා අගෝස්තු අග සිට ආරම්භ වන සටනේ දින හතක විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය හා ළමා නියෝජිතායතන ඉල්ලා ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගෙවුණු වසර 25 පුරාවට පෝලියෝ රෝගයෙන් තොර ගාසා තීරයේ ප්‍රධාන නගර දෙකක අපජලයෙන් පසුගිය මාසයේ පෝලියෝ වෛරසය සොයාගත් බව සඳහන්.

Share.

Comments are closed.