ව්‍යාජ වෙබ් අඩවි හරහා පෞද්ගලික දත්ත සොරා ගැනීම ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.

අන්තර්ජාලය ආශ්‍රිත පැමිණිලි 2542ක් වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බව ඒ මහතා කිය සිටියේය.

ඉන් පැමිණිලි 414 ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් ලැබී තිබේ. ඒ හේතුවෙන් නොදන්නා සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීම,අන්තර්ජාල දිගු සඳහා සම්බන්ධ වීමෙන් වලකින ලෙස අන්තර්ජාල භාවිතා කරන පුද්ගලයන් ගෙන් ඔහු ඉල්ලා තිබේ.

Share.

Comments are closed.