මහනුවර දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(19) රාත්‍රීයේ වීදී සංචාරය  කෙරේ.

සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කෙරිණ.
මේ අතර, මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

ඒ සඳහා පොලිස් නිලධාරින් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති බව සඳහන් වේ.
ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මහනුවර නගරය හරහා ධාවනය වන රථවාහන වෙනුවෙන් විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය පැවසුවේ, පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල රථවාහන ගාල් කිරීමේ ස්ථාන 9 ක් හඳුන්වා දී ඇති බවයි.

මේ අතර, පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මෙවරත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.
ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඒ සඳහා බස් රථ 550කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇතැයි සඳහන් වේ.

අද දිනයෙත් කොටුව, නාවලපිටිය හා මාතලේ සිට මහනුවර දක්වා අමතර දුම්රියක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Share.

Comments are closed.