ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් සංගීත ප්‍රසංගය නොපැවැත්විය හැකි බවට තොරතුරු වාර්තා වේ.

එම ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම මීට හේතුවයි. මේ හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කලේය.

එහි දී ඔහු කියා සිටියේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල මීට පෙර සංවිධාන කළ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමට කිරීමට සිදු වූ බවය.

මේ හේතුවෙන් එම පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින බව ද ආතාවුද පෙන්වා දේ.

එසේම මෙම ගැටලුව පිළිබඳව වහාම සොයා බලන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහාය ලබා දෙන බව, ඔහු ප්‍රකාශ කලේය.

සංගීත ප්‍රසංග සහ විනෝද සැණකෙළි සංවිධාන කිරීම සඳහා විනෝද බදු අසීමිත ගෙවන බව ද එහි දී සඳහන් විය. ප්‍රසංගවලින් අය කෙරෙන දැරිය නොහැකි විනෝද බද්ද අඩු කිරීමටද රජය අවධානය යොමු කළ යුතු බව මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ඉස්මතු විය.

Share.

Comments are closed.