එමීර් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ (SLPA) 5 වන වාර්ෂික මහ සභා රැස්වීම, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එළඹෙන අගෝස්තු 28  වන බදාදා පැවැත්වීමට නියමිතය.

මෙම මහා සභා රැස්වීමේදි වාර්ෂික ප්‍රගති වාර්තාව සහ මුදල් වාර්තාව ඉදිරිපත් කිරීම, නව අදහස් සහ යෝජනා සාකච්ඡා කිරීම සිදු කෙරේ. මේ සඳහා සහභාගී වීමට එමීර් රාජ්‍යයේ රැකියාවේ නියුතු ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජික පිරිසට අවස්ථාව උදා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය යෙදී සිටින ශ්‍රී ලාංකේය වෘත්තිකයන්ගේ සංගම් හතරක් එක්ව 2019 මැයි 28 වන දින ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය (SLPA) පිහිටුවාගන්නා ලදී.
මේ වන විට ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වය සංගම් අ​ටක් දක්වා වර්ධනය වී ඇති අත​ර එම සංගම් වන්​නේ ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL-UAE), ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්‍ෂකයන්ගේ ආයතනය (IQSSL-UAE)
පශ්චාත් උපාධි කළමණාකරන ආයතන​යේ විද්‍යාර්ථිකයන්ගේ සංගම​ය (PIMA-UAE), ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගම​ය (SLQS-UAE), මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්‍ෂකයන්ගේ සංගමය –(QSUM-UAE), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය (SLITPA-UAE), ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමය (SLHPA-UAE), සහ ශ්‍රී ලංකා බැංකු වෘත්තිකයන්ගේ සංගමය (SLBA-UAE).

ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ මූලික පරමාර්ථ අත​ර ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ඉහළම වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව නිරතවීම, වෘත්තිකයන්ගේ ප්‍රගමනය සඳහා අවස්ථා ප්‍රවර්ධනය, වෘත්තිකයන් අතර සම්බන්ධීකරණය සහ අන්තර් ක්‍රියා සඳහා පහසුකම් සැපයීම, ශ්‍රී ලංකා සන්නාමය වැඩිදියුණු කිරීම තුලින් ශ්‍රී ලංකාවට සහය ලබා දීම මූලික වේ.

Share.

Comments are closed.