ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව 2024 ජූනි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූලි මාසය සඳහා 2.5% ක් දක්වා වැඩි වී ඇත.

2024 ජූනි මාසයේ දී 1.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූලි මාසයේ දී 2.9% ක් දක්වා වැඩි වී තිබේ.

එසේම, 2024 ජූනි මාසයේ දී 2.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූලි මාසයේ දී 2.2% ක් දක්වා අඩු වී ඇත.

Share.

Comments are closed.