ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ (22) සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක් වූහ.

අලෙවි නියෝජිතයන් සතු සහ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟින් ඔවුන් සැප්තැම්බර් මාසයේදී සිල්ලර ඉන්ධන මෙහෙයුම් ආරම්භ කරන බව ඇමැති කාංචන විජේසේකර මහතා පවසයි.

මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගම වන්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමයි.

මේ වනවිට ඉන්දියාවේ අයි.ඕ.සී., චීනයේ සිනොපෙක් සහ අමෙරිකාවේ ෂෙල් සමාගම්වලට මෙරට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව ඇත.

Share.

Comments are closed.