වර්ෂ 2019 සිට 2024 දක්වා ගතවූ වසර 5 කාලය තුළ මෙරට දුප්පත්කම දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතාගේ විග්‍රහයක් උපුටා දක්වමින් BBC ය ප්‍රකාශ කරන්නේ මෙලෙස ශ්‍රී ලාංකික සමාජයේ දරිද්‍රතා රේඛාව වේගයෙන් ඉහළ යාමෙන් පුද්ගලයකුට මසකට තම මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම බෙහෙවින් දුෂ්කර වී ඇති බවය.

ඒ අනුව වර්ෂ 2019 දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව මසකට රුපියල් 6966/- කි. 2024 මැයි මාසය වනවිට එම අගය මසකට රුපියල් 16,326/- ක් දක්වා දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇතැයි ද බීබීසී වාර්තාව වැඩිදුරටත් පවසයි.

Share.

Comments are closed.