මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් ලෝකේ වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.

ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් නොවී කාලයක් පැවතුණහොත් මෙම තත්ත්වය උග්‍ර විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිස්බුල්ලා සංවිධානයට සහාය දක්වන සෙසු සංවිධාන ද ඉන්ධන ප්‍රවාහන මාර්ගයන් අවහිර කිරීමකට ලක් කළහොත් එය තවදුරටත් ලෝකයේ ඉන්ධන මිල ඉහළ යාමට බලපානු ඇත.

ලංකා ඛනිජතෙල් නීතිය සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිලට මැද පෙරදිග ඇතිවී තිබෙන ගැටුම්වලින් බලපෑමක් ඇති නොවූ බවයි.

නමුත් ඉදිරියේ වර්ධනය වන අවුල්කාරී තත්ත්වයන් මත ශ්‍රී ලංකාවටද ලෝක තත්වයට සාපේක්ෂව බලපෑමක් ඇති විය හැකි බව ඔහු කියා සිටියේය.

Share.

Comments are closed.