ටෙලිග්‍රෑම් හි ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව්, ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු පවෙල් ඩුරොව් පොලිසිය විසින් රඳවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනප්‍රිය පණිවිඩ යැවීමේ යෙදුමක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ටෙලිග්‍රෑම් තුල සිදුවන සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඩුරොව් මහතාට චෝදනා එල්ල විය.

Share.

Comments are closed.