දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් මේ වන විට අවස්ථාව හිමි වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියා සිටියි.

පසු ගිය (25) දා ධීවර අංශයේ රැකියා සඳහා අවස්ථාව හිමිවූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Share.

Comments are closed.