ආසන්නතම වසර පහක කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බැස ඇතැයි වාර්තා වේ.

2019 දී ශ්‍රී ලංකාවේ වාර්තා වූ උපත් සංඛ්‍යාවට වඩා 2023 වාර්තා වී ඇති උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 70,000 කින් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් පෙන්නුම් කරයි.

උපත් අනුපාතිකය අඩුවීම, රටේ ශ්‍රම බළකායට සෘජුව බලපෑමක් ඇති කරන්නක් වන අතර මෙසේ උපත් සංඛ්‍යාව පහළ යාම නිසා අනාගතයේදී විවිධ ක්ෂේත්‍රවලට ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇති වීමට ඉඩ ඇතැයි අදහස් පල වේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2023 වසරේ ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22 කි.

ආසන්න වසර හතරක කාලය තුළ ජනගහනය සුළු වර්ධනයක් පෙන්නුම් කළ ද 2022ට සාපේක්ෂව 2023 වසරේ ජනගහනයේ සුළු පහළ යාමක් නිරීක්ෂණය වේ.

Share.

Comments are closed.