මෙම වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා වූ කාලයේදී බදු ගෙවන්නන් සංඛ්‍යාව තුන්ලක්ෂ දාසය දහස් දෙසිය හැට හතරකින් (316,264)කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඉකුත් වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදා වනවිට සමස්ත බදු ගෙවන්නන් සංඛ්‍යාව 997,858ක් වූ අතර, එම සංඛ්‍යාව මේ වසරේ ජූලි මස 31 වැනිදා වනවිට 1,314,122 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉකුත් වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදා වන විටදී ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව 879,778 ක් වූ අතර, අනෙකුත් බදු ගෙවන්නන් සංඛ්‍යාව 118,080ක් විය.

මෙම වසරේ (2024) ජූලි 31 වැනිදා වන විට ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව 1,182,210 දක්වාත්, අනෙකුත් බදු ගෙවන්නන් සංඛ්‍යාව 131,910 ක් දක්වාත් වැඩිවී ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර දැනටමත් ටින් අංකය ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 4,577,303 කි.

Share.

Comments are closed.