Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මහ බැංකු අධිපතිගෙන් මහ බැංකුව සිදු කල කර්තව්‍ය ගැන පාර්ලිමේන්තු රැස්වීමක්
Sri Lankan news

මහ බැංකු අධිපතිගෙන් මහ බැංකුව සිදු කල කර්තව්‍ය ගැන පාර්ලිමේන්තු රැස්වීමක්

kumudikaBy kumudikaSeptember 5, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(2)(අ) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව, මහ බැංකුවේ අධිපතිවරයා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, මහ බැංකුවේ සෑම නියෝජ්‍ය අධිපතිවරයෙකු ම පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුව විසින් හෝ එහි යම් කමිටුවක් විසින් මහ බැංකුවේ කර්තව්‍ය සම්බන්ධයෙන් සෑම මාස හතරකට ම වරක් විමසීමට ලක් කරනු ලැබිය යුතු බවට වන නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් මෙම රැස්වීම පැවැත්විණි.

පැවති තත්ත්වයට සාපේක්ෂව මෙරට උද්ධමනය සියයට 5ක අගයක් දක්වා පහතට ගෙනඒමට හැකිවූ බව ද ප්‍රතිපත්ති පොලී අනුපාතය පහතට ගෙන ඒමට හැකිවූ බවද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම සංචිත ශක්තිමත් කිරීම හරහා විනිමය අනුපාතය ස්ථාවර කරමින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවූ බව ද ඒ මහතා සඳහන් කළේය.

රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට අදාළ කරුණු මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙරට බැංකු පද්ධතිය කඩාවැටීම වළක්වා ගැනීමට හැකිවීම සුවිශේෂි කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ සදහා නව මහ බැංකු පනත මෙන්ම බැංකු පද්ධතිය නියාමනය වෙනුවෙන් හදුන්වා දුන් නව නීති ඉවහල් වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම බැංකු පද්ධතිය හා බැංකු නොවන මුල්‍ය පද්ධතිය මෙන්ම කොටස් වෙළඳපොල හා රක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු සමස්ථ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා නව මහ බැංකු පනත මගින් මුල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවක් පත්කිරීම ඇතුළු මෙරට මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු පැහැදිළි කිරීම සිදුවිය. එසේම වත්මන් මූල්‍ය තත්ත්වය සහ ඊට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට මහබැංකු අධිපතිවරයා විසින් පිළිතුරු ලබාදීම ද සිදුවිය.

මහ බැංකුවේ කාර්යභාරය සහ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතුව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සහ මෙලෙස සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව මෙම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. 2024 Global Finance’s Central Banker වාර්තා අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට ගෞරවනීය පිළිගැනීමක් ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අධිපතිවරයාට සුබ පැතූහ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅද දොස්තරලා වැඩ වැරුමක
Next Article බංග්ලාදේශ සිසු විරෝධයට සහය දැක් වූ එමීර් රාජ්‍යයේ බංගලාදේශ ජාතිකයින් 57 දෙනාට ජනපති සමාව
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.