එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සිංහ ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ඩුබායිහිදී පලමු වරට දියත් කරන බැඩ්මින්ටන් තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් 7 වන සෙනසුරාදා දහවල් 2.30 සිට රාත්‍රි 9.00 දක්වා පැවැත්වීමට නියමිතය. ඩුබායි ලෑන්ඩ් හි අකීලා විදුහල් පරිශ්‍රයේ “Smash Sport Academy ” හි මෙම තරඟාවලිය පැවැත්වෙන බව වාර්තා වේ. ලියාපදිංචි පිරිමි යුගල කණ්ඩායම් 17 ක් හා කාන්තා යුගල කණ්ඩායම් 7 ක් මේ සඳහා සහභාගී වෙති.

1996 වසරේ මල්සිරි වතුදුර සහ ප්‍රසන්න සමරසිංහගේ මූලිකත්වයෙන් ඇරඹි සිංහ ක්‍රිකට් ක්‍රීඩා සමාජය වසර 30 කට ආසන්න කාළයක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ සහ එමීර් රාජ්‍යයේ වෙසෙන ප්‍රමාණ සමීක්ෂවරුන්ගේ සහ ප්‍රමාණ සමීක්ෂකවරියන්ගේ උන්නතිය වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරන අතර ආරම්භයේ සිට මේ දක්වා ක්‍රිකට් ජයග්‍රහණ රැසක් දිනා ගෙන ඇත.

සිංහ ක්‍රිකට් සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් අතර ඇති එකමුතු බව සහ හැකියාව තවත් වැඩිදියුණු කිරීම අරමුණු කොටගෙන සිංහ ක්‍රීඩා සමාජය මෙවර ප්‍රථම වරට බැඩ්මින්ටන් ක්‍රීඩා තරඟාවලියක් සංවිධානය කිරීමට කටයුතු කර තිබේ.

සජීවී තරඟ අත්දැකීමක උණුසුම විඳගැනීමට ක්‍රීඩාලෝලී රසිකයින්ට සිංහ ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් සැමට සුහද ආරාධනාවක් සිදු කරයි. තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය AIA Insurance Sri Lanka වෙතින්ද Dubai Lanka News තරඟාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහයෙන්ද එක් වෙති.

Share.

Comments are closed.