ඉතාලියේ පිහිටි මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් පියවර ගෙන ඇත.

එම නගරයේ ජීවත්වන්නන්ගෙන් 30%ක් පමණ විදෙස් රටවලින් පැමිණි පිරිසක් වන අතර ඒ අයවලුන්ගේ බහුතරයද බංග්ලාදේශ ජාතිකයන් වෙති.

එම පිරිස 90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා පැමිණ ඇත.
එවැනි තහනමක් පැනවීමට හේතුව වශයෙන් එහි නගරාධිපතිනිය පෙන්වා දෙන්නේ එම නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වීමයි.

කෙසේ වෙතත් අදාළ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරදට අසු වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව යුරෝ 100ක් දක්වාවූ දඩ මුදලක් අය කරන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.