ඇපල් සමාගම සිය වාර්ෂික දෘඪාංග එළිදැක්වීමේ උත්සවයේදී අලුත් iPhone 16 මාදිලිය හඳුන්වා දී තිබේ. අලුත්ම උපාංගය කෘත්‍රිම බුද්ධිය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත.

කෘතිම බුද්ධිය තමන්ගේ නිෂ්පාදන සඳහා ඇපල් සමාගම යොදා ගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. ChatGPT  හඬ, පිංතූර හරහා මෙම අලුත්ම මාදිලිය ක්‍රියාත්මක වේ.

මීට අමතරව Apple Intelligence නමින් අලුත්ම මෘදුකාංගයක් තමන්ගේ නව නිෂ්පාදන පෙළට ඇතුලත් කිරීමටද ඇපල් සමාගම කටයුතු කර ඇත.
iPhone 16 දුරකථන වගේම Apple Watch, ශ්‍රවණාධාර විශේෂාංගයක් සහිත නව AirPods මෙහිදී හඳුන්වා දී තිබේ.

ඇපල් සමාගම හඳුන්වා දුන්න අලුත්ම iPhone 16 ඩොලර් 799 කින් ආරම්භ වන බව සමාගම සිය නව කෘතිම බුද්ධි විශේෂාංග එළිදැක්වීමෙන් පසුව පවසා සිටියි. iPhone 16 Plus මිල ඩොලර් 899 ඇරඹෙයි. නව Apple iPhone 16 Pro ඩොලර් 999 ක් සහ iPhone 16 Pro Max ඩොලර් 1,199 ක් වනු ඇත.

නව AirPods 4 ඩොලර් 129 ක් මිල වන අතර සක්‍රීය ශබ්ද අවලංගු කිරීමේ විශේෂාංගය සහිත AirPods 4 ඩොලර් 179 කි. සමාගමට අනුව Apple හි නව Series 10 ඔරලෝසුව ඩොලර් 399 කින් ආරම්භ වේ.
මේ සියල්ල පෙර-ඇණවුම් කර සැප්තැම්බර් 20 න් පසුව ලබා ගත හැකිය.

Share.

Comments are closed.