ත්‍රීරෝද රථ ඇතුළු සියලුම වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත.

මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති බැවින් යම් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල ස්ටිකර් අලවා තිබීම මැතිවරණ නීති රීතිවලට අනුකූල නොවන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම ප්‍රවර්ධන ස්ටිකර් වහාම ඉවත් කළ යුතුය.
මේ සම්බන්ධයෙන් සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හදිසි පරික්ෂා කිරීම් සිදු කිරීමටද අදාළ බලධාරීන් උපදෙස් ලබා දී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.