රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට රජය ප්‍රකාශ කළද එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්වී නොමැති බව පැෆරල් සංවිධානය පවසයි.

ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බවට රජය කළ ප්‍රකාශය, ජනතාව හා රාජ්‍ය සේවකයින් නොමග යවන සුළු ප්‍රකාශයක් ලෙස පැෆරල් සංවිධානය නිරීක්ෂණය කරන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

කැබිනට් පත්‍රිකාවක් හෝ නොමැතිව කැබිනට් තීරණය ලෙස හුවා දැක්වීම රාජ්‍ය නායකයෙකු ලෙස කිසිසේත්ම නොකළ යුතු කාරණයක් බව ඒ මහතා වැඩිදුරටත් දක්වා ඇත.

Share.

Comments are closed.