එංගලන්තයට එරෙහිව වසර 10කට පසු ටෙස්ට් පිටියේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් දැක්වූ දස්කම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රැසක් ඉදිරියට යෑමට සමත්ව සිටිති. ඉන් ක්‍රීඩකයන් 6 දෙනකුම සිය හොඳම ශ්‍රේණිගත ලකුණු වාර්තා කිරීමද කැපී පෙනේ.
මේ තෙවැනි තරගයේදී පළමු ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කළ නායක ධනංජය ද සිල්වා ස්ථාන 3 කින් ඉහළට ගොස් ඇති අතර, ඔහු පිතිකරුවන් අතර 13 වැනි තැනට පත්ව ඇත්තේ සිය හොඳම ශ්‍රේණිගත ලකුණු ද සමඟිනි. ශ්‍රී ලාංකික පිතිකරුවන් අතර ඉදිරියෙන්ම පසු වන ඔහු ශ්‍රේණිගත ලකුණු 699ක් හිමි කර ගෙන ඇත.
මේ තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් දෙවැනි තරගය නිමා වන විට ස්ථාන 11කින් ඉදිරියට (25) පැමිණ සිටි අතර, තෙවැනි තරගයෙන් පසු ඔහු තවත් ස්ථාන 6කින් ඉදිරියට ගොස් ඉන්දියාවේ ශුබ්මන් ගිල් සමඟින් 19 වැනි තැන රැඳී සිටී.
පළමු ඉනිමේදී අර්ධ ශතකයක් (64) සහ දෙවැනි ඉනිමේදී ශතකයක් (127) රැස් කරමින් තෙවැනි තරගයේ වීරයා වූ පැතුම් නිශ්ශංක ස්ථාන 42කින් ඉදිරියට පැමිණීම කැපී පෙනන අතර, ඔහු 39 වැනි තැන අත්කරගෙන ඇත්තේ සිය ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව වන 568ක් සමඟිනි.
මේ අතර 13 වැනි ස්ථානයේ සිටි දිමුත් කරුණා රත්න (16) සහ 23 වැනි තැන සිටි දිනේෂ් චන්දිමාල් (26) ස්ථාන 3කින් පහතට වැටී තිබේ.
ශ්‍රේණිගත කිරීම්වල අංක එක හිමිකර ගෙන සිටින ජෝ රූට් තෙවැනි තරගයේදී ලකුණු අතරට පිවිසීමට නොහැකි වීමෙන් ශ්‍රේණිගත ලකුණු 922 සිට 899 දක්වා අඩු වී තිබේ.
පන්දු යවන්නන් අතරේ විශ්ව ප්‍රනාන්දු (31) ස්ථාන 13කින් සහ ළහිරු කුමාර (32) ස්ථාන 10කින් ඉහළට ගොස් ඇත්තේ සිය හොඳම ශ්‍රේණගත ලකුණු සමඟිනි. මේ තරගාවලියේ ටෙස්ට් වරම් ලැබූ මිලාන් රත්නායක ස්ථාන 26කින් ඉහළ ගොස් 84 වැනි තැනට පත් විය.
කෙසේ වෙතත් දෙවැනි තරගයෙන් අනතුරුව 8 වැනි තැනට පත්ව සිටි අසිත ප්‍රනාන්දු 3කින් පහලට වැටී ඇත.